Colombo Today Local News

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ… නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම දිමුත් කරුණාරත්නට පැවරීමට අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.

ටෙස්ට් නායකත්වයද උසුලන දිමුත්ගේ මෙම පත්කිරීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියද හිමිවී  ඇති අතර 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ද අනුමැතිය හිමිවී තිබේ.

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන

Related posts

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක්

Admin

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු දීමට කැබිනට් අනුමැතිය

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි !

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැති ප්‍රහාරයක්

colombotoday