Colombo Today Local News

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

LTTE සංවිධානය හා සම්බන්ධ ඡායාරූප ලඟ තබා ගැනීම සහ අපරාධ සඳහා තරුණයින් නැඹුරු කර ගැනීමට උත්සහ කිරීම යන චෝදනා මත තරුණයෙක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු 21 හැවිරිදි කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නාගරාසා ප්‍රභා නැමැත්තෙකි.

සැකකරු සන්තකයේ තිබිය දී දිග අඟල් 27½ ක් වූ පළල අඟල් 1 1/4 ක් වූ තලයක් සහිත, මිට දිග අඟල් 6 ½ ක් වූ ලී මිටක් සහිත බයිසිකල් ටියුබ් පටිවලින් වෙලා ඇති යකඩ කඩුවක් සොයාගෙන තිබේ.

මේ අතර සිම්කාඩ් පත් සහිත ජංගම දුරකථන දෙකක් ද තිබු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අපරාධයක් කිරීමේ අරමුණින් සැකකරු විසින් යකඩ කඩුවක් සඟවා තබා ගෙන සිට ඇති අතර ඔහු විසින් ප්‍රදේශයේ තරුණයින්ව අපරාධ සඳහා නැඹුරු කර ගැනීමට උත්සහ කර ඇති බව විමර්ෂණවලින් අනාවරණය වී තිබේ.

Related posts

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

colombotoday

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday