Colombo Today Local News

නවතා තිබූ බසය හොරාගෙන 15 හැවිරිදි පෙම්වතා පෙම්වතිය බලන්න ගිහින්

පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

පිලියන්දල බස්නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියදුරන් සිව් දෙනකු ලංකාව හා පකිස්තානය අතර පැවැති ආසියානු කුසලනා අවසන් ක්‍රිකට් තරගය නැරඹීමට පිළියන්දල බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත.

ඔහුන් පැමිණි බස් රථ නැවතුම්පොලේ පසෙක ගාල් කර තරඟය නරඹන අතරතුර රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මදක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය පවසයි.

ආහාර ගැනීමෙන් අනතුරුව රියදුරන් සිව් දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එක් බස් රථයක් නොමැති බවට දැක ඒ බව එහි රියදුරා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

වහා ක්‍රියාත්මක වූ පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පිලියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර ඇත.

ඒ අතරතුර ස්ථානාධිපතිවරයා ද තව නිල රථයෙන් ඔබ මොබ සංචාරය කරමින් බස් රථය පිලිබඳ සොයා බැලීමට කටයුතු කර තිබේ.

කැස්බෑව දෙස සිට රාත්‍රී 12.30 ට පමණ පැමිණිමෙන් තිබූ බස් රථයක් කෙරෙහි බස් නැවතුමට ආසන්නව තිබූ නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු එයින් පිටතට පැන පලා යාමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම් පොලට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බැවින් නවතා තිබූ බස් රථවලට ගොඩ වී පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහි ම රඳවා තිබූ බැවින්,කිසිදු අයකු පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සදහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම පහළොස් හැවිරිදි තරුණයන් මීට වසරකට පමණ පෙරද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන ඒ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

“කාදිනල්ට වැරදිලා.. මේ බහු ආගමික රටක්.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය එපා“ – ඔස්වල්ඩ් ෆර්ත්

colombotoday

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

colombotoday

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

යහපාලනයක් තිබෙන්න කලින් රටේ පාලනයක් තිබිය යුතුයි – චම්පික රණවක

colombotoday

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

colombotoday