Colombo Today Local News

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

එම නව පනත් කෙටුම්පත මගින් බාල වයස්කරුවෙකුගේ විවාහය සඳහා නිසි බලධරයෙකුගේ කැමැත්ත ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කර ඇති අතර එමඟින් උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුද 18ක් බවට පත් කර තිබේ.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගොස්තු මස පළමුවැනි දින අනුමැතිය හිමිවු අතර එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතය.

Related posts

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday