Colombo Today Local News

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

මාර්තු 01 වැනිදා සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ති‌බේ.

ඒ , ලබන 17 වැනිදා සිට 25 වැනිදා දක්වා ය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ , මාර්තු 01 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 වැනි දා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සියලු පළාත්, කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.

Related posts

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් – සැමියා අතුරුදන්

Admin

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday