Colombo Today Local News

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පුද්ගල ඝාතනයකට අදාළව මරණීය දණ්ඩනය නියමව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරුණේ, පසුගිය 2022 වසරේ මාර්තු 31 වනදායි.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය නියමකළ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන් ගිනිඅවි අතැතිව සිටි බවට හෝ වෙඩි තැබීමක් සිදුකළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය විත්තිකරුවන් ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.

රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කර තිබිණ.

විත්තිකරුවන් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබුණේ, එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

තව ද තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි පෙන්වා දී ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

Related posts

මම පොලිසිය පොලිෂ් කරනවා. – ජනපති කියයි

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday

එපා… එපා… මැතිවරණය එපා.. ශුද්‍ර මුල්‍ය ණය උගුලේ හිරවුණු ජනතාවට සහන දෙනු. – සජිත් ප්‍රේමදාස

colombotoday

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

colombotoday