Colombo Today Local News

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

සමුද්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සදහා සහ ශ්‍රි ලංකා සුවිශේෂි ආර්ථික කලාප නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සදහා ඇමැරිකා එක්සත් ජනපද ආරකෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව වෙත නොමිලේ සමුද්‍රීය ගුවන් ආවේක්ෂණ යානා දෙකක් ලබා දෙන බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කළ ඉල්ලීමකට අනුව ඒවා නොමිලේ ප්‍රධාන කිරීමට ඇමැරිකා එක්සත් ජනපදය එකඟ වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාව සතුව ඇති බීච්ක්‍රාෆ්ට් බී-200 ගුවන් යනා භාවිතා කරමින් දශක දෙකක ට වැඩි කාලයක සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ගුවන් හමුදාව පවසයි.

මෙම යානා දෙක අදාල නිරීක්ෂණ උපකරණ සහිතව නොමිලේ ප්‍රධාන කරන බවත්, මෙම වසර අගභාගයේ දී එක් යානනයක් ද, 2023 මුල දී ලබා දෙන බවට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවද ගුවන් හමුදාව පවසයි.

මෙම ගුවන් යානා මගින් සමුද්‍ර විපත් වලට ප්‍රතිචාර දැක්වීම, ගැඹුරු මුහුදේ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සහය දැක්වීම, නීතිවිරෝධී ධීවර කටයුතු නිරීක්ෂණ කිරීම හා, සුවිශේෂි ආරක්ෂක කලාපයන්හි මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, අපරාධ වලට එරෙහිව සිදුකරන මෙහෙයුම් වලට නාවික හමුදාවට සහාය වීම සදහා ද යොදා ගැනීමට නියමිත බවද ගුවන් හමුදාව පවසයි.

Related posts

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday