Colombo Today Local News

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතු ගණනාවක් තිබෙන බවත් රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ඉන් එක් හේතුවක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසා ඇත.

එම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

බාහිර ණය හිමියන් මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සුදානම් නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත.

පුද්ගලික අදායම් බදු සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති නව බදු අනුපාත මෙම අරමුණ ඉටු කරගැනීමේදී සහාය වන බව එම නිවේදනයේ දැක්වේ. එසේම මෙම බදු ප්‍රතිසංස්කරණ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කිරීමට උපකාරී වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තරය සමඟ සංසන්දනය කරන විට එය ජාත්‍යන්තර බදු අනුපාත සමඟද අනුකූල වන බව එම නිවේදනයේ දැක්වේ.

2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම සියයට 7.3ක් පමණක් වන අතර, ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පෙන්වා දී ඇත. අත්‍යාවශ්‍ය වියදම් සඳහා රජයට අරමුදල් සොයා ගත හැක්කේ සුදුසු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව එම නිවේදනයේ දැක්වේ. නමුත් දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් බදු අයකරගැනීම් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් සිදු කළ යුතු බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් යන මහත්වරුන් පෙන්වා දී ඇත.

එසේම රජයේ වියදම් සඳහා අරමුදල් සොයා ගැනීමට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැරිය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීමද වැදගත් බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.

Related posts

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

colombotoday

20ට එරෙහිව මහා සංඝ සම්මේලනයක් කැදවයි.. මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුත් වැඩමවති

colombotoday

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු තුනක් අරී

Admin

වැට් බද්ද 15% දක්වා ඉහළට.. මැයි 02 සිට ක්‍රියාත්මකයි !

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

colombotoday