Colombo Today Local News

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

තලවාකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය පසෙක තිබූ විශාල නුග ගසක කපමින් තිබූ අත්තක් මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් පාසල් ගුරුවරයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝගි වත්තේ පදිංචිව සිටි වේළුසාමි මහේෂ්වරන් (40) නැමති දෙදරු පියෙකි. මියගිය අය තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන අයකු බව පොලීසිය කියයි.

නුග ගසේ අත්ත වැටෙන අවස්ථාවේ මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රීවීල් රථයකට ද හානි සිදුව ඇති බවත්, ත්‍රීවිල් රථයේ ගමන් කළ අයට අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.

නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය දෙපස තිබූ විදුලි හා දුරකතන රැහැන් කණු දෙකක්ද කඩා වැටී තිබේ.

නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය පසෙක තිබූ හින්දු කෝවිලකටද හානි සිදුව ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්

colombotoday

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday

ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත් තනතුරක් හදා සමීප හිත‍වතෙකුට දෙයි!

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday