Colombo Today Local News

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

තම සහෝදරයාගේ හදිසි වියෝවට කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය ද ලය පැලී මිය යාමේ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියකු පපුවේ අමාරුවකින් පෙරේදා මියගොස් ඇති අතර, පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටී ඔහුගේ බාල සොයුරිය වන අගම්පොඩි රංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංග ගේ දියණිය පුතා, මස්සිනා සහ නැන්දා කම්පනය හේතුවෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක් සදහන් කර සිටී.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) මූලික පරීක්ෂණ සිදුකරති.

Related posts

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday

භූ ජලය සූරා ගන්නා ආයතන 500කට අධික ප්‍රමාණයක් ගැන අනාවරණයක්

colombotoday

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday