Colombo Today Local News

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනයවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.

කොවිඩ් අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය පසුගිය 13 වැනිදා සිකුරාදා වසා දැමුණු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් ආසාදනයවීම නිසා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානියකු පැවසුවේ කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන කොමිසමේ නිලධාරීන් සීමිත පරිදි කැඳවා රාජකාරි කටයුතු කරගෙන යන බවයි.

දවසින් දවස එක් එක් අංශ බැගින් කැඳවා රාජකාරි කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පසුගිය සිකුරාදා වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කෙරුණු බව එහි ප්‍රධානීහු පවසති.

Related posts

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

හරීන් අත්අඩංගුවට ගත්තොත් හිරේ යන්න සජිත් සූදානම්

colombotoday

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday