Colombo Today Local News

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදු කෙරුණි.

අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.

අනතුරුව නඩුව ජුනි මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු විසින් තමන්ව පැහැරගෙන ගොස් ගිනිඅවි පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රඳවා තබා රටින් පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් එම පුද්ගලයින් තමන්ට ලිංගික හිරිහැර කළ බවටත් ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

colombotoday

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

colombotoday

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය

Admin

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

colombotoday