Colombo Today Local News

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් නිතීඥ විජිත කුමාර මහතා අභියාචනාධිකරණයට අද (30)දින පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන් පෙත්සම්කාර නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසය.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ඉකුත් මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙම වගඋත්තරු අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දක්වනු ලැබූ බවත් මෙමගින් සමස්ථ අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

Related posts

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි භාරගන්න පොලිසියේ වෙනම ඒකකයක්…

colombotoday

පාං පිටි එකයි. හදන කෑම වර්ග වෙනස්. මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම ගැන ඥානසාර හිමි කතා කරති.

colombotoday

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday