Colombo Today Local News

අයි.එම්.එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක හමු වෙති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)දින පැවැත්විණ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡා වටයේ සාකච්ඡාවක් වශයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.

එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත් බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

එම හමුව සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

එජාපයේ කලු බැටලුවන් ගැන රවී හෙළිකරයි…

colombotoday

ඤාණසාර හිමිගේ විහාරස්ථානයට ආරක්ෂාව ඉල්ලයි… වැලිකඩ පොලිසිය බෑ කියයි…

colombotoday

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදුකළ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනෙයි.

colombotoday

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාව දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඝාතනය කළා – විග්නේශ්වරන්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්‌

colombotoday