Colombo Today Local News

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

මුදල් ඉල්ලා බලපෑම් කර එය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්වූ පුතකු තම මවගේ බෙල්ලෙන් අල්ලා මරණ බවට තර්ජනය සිදු කර ඇයට අයත් ත්‍රිරෝද රථය ගිනි තබා විනාශයට පත් කිරීමේ සිද්ධියකට සැකකාර පුතා අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලීසිය පවසයි.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තිරප්පනය පන්සල පාරේ පදිංචි 42 හැවිරිදි වෘත්තියෙන් රියදුරකි.

සැකකරුගේ මව වන තිරප්පනය පාසල් හන්දිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු තම මවගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇති කරගෙන මරණ බවට තර්ජනය කළ බැංකුවට ගොස් මුදල් රැගෙන එන ලෙසට බලපෑම් සිදු කර ඇති බවත් පසුව මව බැංකුවට යාම ප්‍රමාද කරමින් අසල නිවසක රැඳී සිටීම හේතුවෙන් උරණ වූ සැකකාර පුත්‍රයා මවට අයත් ත්‍රිරෝද රථයට ගිනි තබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Related posts

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

Admin

මට බෑ දෙපත්නයි එක්ක ඉන්න – හරීන් ප්‍රනාන්දු යහපාලනය

colombotoday

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

colombotoday

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin