Colombo Today Local NewsUncategorized

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පසුගියදා සිදුකළ පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්ව මඟින් තිරු නඩේසන් මහතාගේ නම ද අනාවරණය වී තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් සිදුකරන එම විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා කොමිසම හමුවේ පෙනී සිට තිබේ.

පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළේය.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“ජාත්‍යන්තර නීතිය නවන ඇමරිකානු රූකඩ එපා !” ජනිපෙන් බැන් කී මූන්ට විරෝධය

colombotoday

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday

රට කෑලි හතරකට කඩන බව ජිනීවා ගිය ශිවාජිලිංගම් පවසයි…

colombotoday

IMF නියෝජිතයින් හා ජනපති හමුව අද

Admin