Colombo Today Local News

IMF නියෝජිතයින් හා ජනපති හමුව අද

අද (07) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ .

“පෙරවරුවේ ජනාධිපතිවරයාව මුණගැහිලා, මේ ආරම්භක හමුව පවත්වලා, ඔවුන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන්, අනෙකුත් ආයතන සමග සති දෙකක කාලයක් දීර්ඝව සමාලෝචනය සිදුකරයි. ඉතාම හොඳින් මේ සමාලෝචනය අවසන් කරාට පස්සේ, අපිට තුන්වන වාරිකය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන්න. එය ජූනි මාසයේ පමණ වෙද්දි ලබාගැනීමේ හැකියාවක් තියෙයි. නමුත් ඒ සඳහා සම්පුර්ණ කළ යුතු දීර්ඝ සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට තමා අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දි වාරික දෙකක් ලැබිලා තියෙනවා. පළමු වාරිකය ඩොලර් මිලියන 330ක් හා දෙවන වාරිකයක් ඩොලර් මිලියන 330ක් ලැබිලා තියෙනවා. තුන්වන වාරිකයත් එවැනිම මුදල් ප්‍රමාණයක්.”

Related posts

බම්බලපිටිය ICBT කැම්පස් ආයතනය ඉදිරිපිට නීතිවිරෝධීව සවි කර තිබූ නාම පුවරැව ‌‌පොලීසිය ගලවයි!

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

විදේශ නෞකාවන්හි සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

colombotoday

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday

අත්අඩංගුවට ගත් කොටියා වමාරයි – කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ 2 ක් සොයා ගනී

colombotoday