Colombo Today Local News

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

ranil diaspora2016 වසර අවසානයේදී ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම අත්සන් කිරීමට හැකිවෙනු ඇති බවත් ලබන වසර අවසානය වන විට සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්කළේ අද (18) සිංගප්පූරුවේ රැෆල් සම්ම්න්ත්‍රණ ශාලාවේ පැවැති තෙවැනි දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ විශේෂ ආරාධිතයා වශයෙන් එක්වෙමින් එහි ප්‍රධාන දේශනය සිදුකරමිනි.

එසේම ශ්‍රී ලංකාව චීනය සමග පමණක් කටයුතු නොකරන බවත්, සියලු රටවල් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා කර ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන නරග 50 අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට 20 වැනි ස්ථානය හිමිව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

බදු ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකාවේ ආයොජනය සඳහා ව්‍යාපාරිකයන්ට හොඳ වටපිටාවක් නිර්මාණය කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවැසිය.

මානව සංවර්ධන දර්ශකයෙන් දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව හා ඩුබායි අතරමැද පවතින කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කරන බවද සඳහන් කළේය.

Related posts

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday