Colombo Today Local News

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

තමාට ස්ථාන මාරුවක් ලැබුණොත් කිසිදු පැකිලීමකින් තොරව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීමට තමා සූදානම් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එහිදී ඔහු පැවසුවේ මීට වසර එකහමාරකට පමණ පෙර තමාට බේරුවල රෝහලට ස්ථාන මාරුවක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ලබාදුන් බවය.

කෙසේවෙතත් එය ක්‍රියාත්මක නොවුණු බව සඳහන් කළ වෛද්‍යවරයා පැවසුවේ යළිත් වරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් එම ස්ථාන මාරුව සක්‍රීය කිරීමට සූදානමින් පසුවන බවය.

කෙසේවෙතත් මේ වනතෙක් තමාට ස්ථාන මාරුවක් ලැබී නොමැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර පසුගියදා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර ඊට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සහභාගි වී ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් අද (19) දිනයේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි .

Related posts

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday

රථ වාහන දඩ මුදල් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin