Colombo Today Local Newsextremism & terrorism activities

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

ජිහාඩයක් සඳහා සුදානම් වන ලෙසට අන්තර්ජාලයේ සටහනක් යෙදු Ramsi Rasik නැමති පුද්ගලයෙකු පසුගියදා රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත (ICCPR) යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහිදී එම පුද්ගලයා රක්ෂිත බන්ධානාගාර ගත කර ඇති අතර එම නඩුව අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා යලි කැඳවන ලදි.

පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා (ICCPR) පනත යොදා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා විසින් පොලිස් ප්‍රධානියා දෝෂ දර්ශනයට ලක් කර තිබූ අතර පසුගිය යහපාලන රජය විසින් බෞද්ධ සංවිධාන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම සඳහා මෙම පනත යොදා ගන්නා ලද අවස්ථා ඕනෑතරම් රට පුරා ඇත. එවැනි අවස්ථාවලදී තරුණයන් වසර ගණන් අත්අඩංගුවේ රඳවා තබා ගත් අතර මානව හිමිකම් කොමිසම ඊට විරුද්ධව ප්‍රතිචාර ද දැක්වුවේ නැත.

නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක තුසිත කුමාර අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, ඕනෑම ත්‍රස්තවාදී කණ්ඩායමක් මුලින්ම මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු කරන අතර රම්සි රාසික් ද ඇතැම් වචන භාවිත කරමින් ජාතීන් අතර අසමගියක් ඇතිවන ආකාරයෙන් සියලු දෙනාටම පෙනන ආකාරයට ‘පබ්ලික්’ පෝස්ටුවක් පළ කර ඇති බවයි.

මීට ඉහතදීත් සැකකරු ඒ ආකාරයේ පෝස්ටු පළ කර ඇතැයි කී රහස් පොලිසිය ඒවිට ලැබී ඇති ප්‍රතිචාර (කමෙන්ට්) අනුව යම් මහජන කැළඹීමක් සිදුවී ඇති බව පෙනන බව ද සඳහන් කර තිබේ.

”රම්සි රසීක්” වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ රම්සී රසීක් ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව සහ ජාතිවාදයට විරුද්ධව දිගින් දිගටම හඬ නැගූ තරුණයකු බවයි.”

ඒ බව සනාථ කිරීම සඳහා රම්සී රසීක් විසින් විසින් පළ කරන ලද ලියමන් රැසක පිටපත් ද ජනාධිපති නීතීඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් රම්සි රාසික්ගේ Facebook ගිණුම නිරීක්ෂණය කල අපට දැකගැනීමට ලැබුනේ බහුතර ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ පොස්ට් ඔහු විසින් අන්තර් ජාලයට එකතු කර ඇති ආකාරයකි.

රටේ මේ වෙන විට මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ජාතිවාදයක් ඇති බව සුමන්තිරන් අධිකරණය හමුවේ පවසා තිබේ.

ප්‍රශ්න ගත පෝස්ටුව ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ ලියමනක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන්, එම සම්පූර්ණ පෝස්ටුවෙන් මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වය කරා නොගොස් සිටින ලෙසත් වචන අල්ලාගන්නේ නැතුව සම්පූර්ණ අදහස බැලිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින රම්සි රසීක්ගේ රෝගී තත්වයක් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් නීතිඥ එම්.ඒ සුමන්තිරන් එම තත්වයන් හා තමන් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.

රම්සි රසීක් චේතනාන්විතව වරදක් සිදු කර ඇත්දැයි සොයා බලා ඔහුගේ ෆේස්බුක් ගිණුම අධීක්ෂණය කර සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළ අතර රම්සි රසීක්ගේ වෛද්‍ය වාර්තා බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියම කර තිබේ.

සැකකාර රම්සි රාසික් ලබන 14 වැනි දා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ද දැඩි ලෙස සිංහල ජනතාවට විරුද්ධව ජාතිවාදී ප්‍රකාශ සිදුකල පුද්ගලයෙක් බවට සංවිධාන රැසකගේ චෝදනාවට ලක්වූ පුද්ගලයෙකි.

Related posts

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday