Colombo Today Local News

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වගකීම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (02)දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කළ විය එහි ඇති හරි වැරැද්ද සම්පූර්ණයෙන් රජය සතු දෙයක් නොවන බවත් එය ස්වාධීන පදනමකින් ඉදිරිපත් කර ඇති බවත් ය.

ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන්ගේ පැත්තෙන් සහ කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මාර්තු 7 කළු ඉරිදාවක් බවට පත්කරන්න කියලා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – “සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. “

Related posts

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

සී.එස්.එන් රූපවාහිනී නාලිකාවට විකාශන බලපත්‍රය යලිත් ලබා දෙයි.

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ධීවර වරාය ශක්‍යතා අධ්‍යනයෙනුත් 18 කෝටියකට විදලා.. දුෂණ මර්ධනයට පැමිණිලි

colombotoday

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

අයවැය ප්‍රකාශය : ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

Admin