Colombo Today Local News

මුස්ලිම් රටවල් වැනසූ බලවේග අප රටටද අතපොවා ඇත, එක්වී පොදු සතුරා පරදමු.. හිටපු ජනපතිගෙන් මුස්ලිම් ජනතාවට ඇරයුම්

Mahinda-newශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවද තමාගේ සෑබෑ මිතුරන් කවුදැයි හදුනාගත යුතුය බව රාමසාන් උත්සවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවේදනය නිකුත් කරමින් කියා සිටි.

රාමසාන් උත්සවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පණිවිඩය

රාමසාන් මාසය අවසන් කරමින් ඉද්උල් ෆිට්ර් උත්සවය සමරණ ශ්‍රී ලාංකික මුසලිම් ජනතාවට මම මාගේ සුභාෂිංශනය පුද කරමි. රාමසාන් මාසය තුළ ඉස්ලාම් බැතිමතුන් උපවාස ශීලය රකිමින් ආගමානුකූල කටයුතුවල යෙදෙමින් දේව නියමය ගැන වැඩි අවධානයකින් පසුවෙති. මේ රටේ ශතවර්ෂ ගණනාවක් මුලුල්ලේ මුස්ලිම් ප්‍රජාවක් පැවතුණු අතර ශ්‍රී ලාංකික අන්‍යතාවයේ මුස්ලිම්වරුන්ද කොටස් කරුවන් වේ. මාගේ දේශපාලන දිවිය පුරා ප්‍රගතිශීලී මුස්ලිම් නායකයන් බොහෝ දෙනෙකු සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

මෙම වසරේ රාමසාන් මාසයතුළ මුස්ලිම් රටවල් ගණනාවක් තුළ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරමින් ත්‍රස්තවාදී ප්‍රහාර සිදු වීම ලොව පුරා මුස්ලිම් නායකයින්ගේ අවධානයට යොමු වී ඇත. ඉස්තාන්බුල්, ඩකා, බැග්ඩෑඩ් වැනි නගරවල මෙන්ම ඉස්ලාම් ආගමේ වැදගත්ම සිද්ධස්ථානයක් වන මැඩීනා නුවර පවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත. ලොව පුරා ඉස්ලාම් ආගමට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් සිදු වන බව ඉතා පැහැදිලිය. පසුගිය වසර ගණනාව තුළ ඉතා ස්ථාවර මුස්ලිම් රටවල් වූ ඉරාකය, සිරියාව හා ලිබියාව විනාශ මුඛයට යවන හැටි අපි බලා සිටියෙමු.

දශක ගණනාවක් මුලුල්ලේ ඇෆ්ගනිස්ථානය වගේ රටවල්වල රජයක් නැති තරම්ය. පලස්තීනයේ ජනතාවගේ දුක් අදෝනාවලට කෙළවරක් නැත. යේමනයේ සිවිල් යුද්ධයක් පවතී. මුස්ලිම් රාජ්‍යයන්වලට මේ විනාශය අත්කරදුන් බලවේගය කුමක්ද? ලංකාව විනාශ කිරීමටත් අතපොවා ඇත්තේ ඒ බලවේගයම බව මම විශ්වාස කරමි. මේ රටතුළ විවිධ කුමන්ත්‍රනකාරීන් විසින් ඉතා කෙටිකලක් තුළ නැති භේද ඇති කරපු ආකාරය අපි දුටුවෙමු. ලිබියාව, සිරියාව වගේ රටවල් නැත්තටම නැති කලේ එවැනිම උපක්‍රමවලින් බව අප වටහා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවද තමාගේ සෑබෑ මිතුරන් කවුදැයි හදුනාගත යුතුය. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර සභාවන් තුළ මුස්ලිම් රටවල් සැමවිටම ශ්‍රී ලංකාවට සහයෝගය දී ඇත. මේ රටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට සියළුම ජනකොටස් එකට කටයුතු කල ආකාරයටම මේ රට ඉදිරියට ගෙන යෑමටත් සියළු ජනකොටස් එකතු විය යුතු බව මේ උත්සව අවස්ථාවේදී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට මම යෝජනා කිරීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)

Related posts

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday

ජුබිලි කනුව හන්දියේ තිබූ ජුබිලි කනුව අතුරුදන් | 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරලා.

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

Admin