Colombo Today Local News

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු සහ බහුදින යාත්‍රාවක් නැගෙනහිර මුහුදේ කල්මුණේ ප්‍රදේශයේදී අද (8)දින අළුයම අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම සිදුකළ මුර සංචාරයකදී යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කළ බවත් එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ සිටි නීති විරෝධීව මුහුද මඟින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් 06 දෙනෙකු සමඟ පිරිමි පුද්ගලයන් 53 ක්, කාන්තාවන් 6 ක් සහ ළමුන් 8 ක් ඇතුළු පුද්ගලයින් 67 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගත් බවත් නාවික හමුදාව සඳහන් කරයි.

මෙලෙස නාවික හමුදාව භාරයට ගත් පිරිස වයස අවුරුද්දත් 56 ත් අතර පසුවන මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් බව කී නාවික හමුදාව එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසියට භාරදීමට නියමිත බව ද සඳහන් කර සිටි.

Related posts

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

colombotoday