Colombo Today Local News

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් බ්‍රිතාන්‍යය යේ ලන්ඩන් නගරයෙන් ස්ටර්ලින් පවුම් 320.000කට නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ ලිපි ලේඛන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාර දෙන බව සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල ලිපි ලේඛන තම මිතුරෙකුගේ මාර්ගයෙන් බ්‍රිතාන්‍යය යේ ඉඩම් අමාත්‍යාංශයෙන් ලබාගත් බව රන්ජන් රාමනායක මහතා කියයි. 2008 සැප්තැම්බර් මස 09 වැනිදා අඹන්පොළගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන නමින් මෙම නිවස මිලදී ගෙන ඇතැයිද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

ස්ටර්ලින් පවුම් 320.000කට මිලදී ගත් නිවස ස්ටර්ලින් පවුම් 470.000කට පසුව විකුණා තිබෙන බවද හෙතෙම ඊයේ (05) දා සදහන් කළේය.

Related posts

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday