Colombo Today Local News

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ලතින් ඇමරිකානු අධිකරණ පහකදී ගොනුකර ඇති යුද අපරාධ නඩුවල සාක්‍ෂිකරුවන් ලෙස දක්‌වා ඇත්තේ බිහිසුණු යුද අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන් 50 ක්‌ බව අනාවරණය වී ඇත.

මේ නඩුවලට පෙනී සිටීම ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම යුද අපරාධ නඩුවල පැමිණිලිකාරිය ලෙස කටයුතු කරන්නේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකායි.

ඇය ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් කමිටුවේ සාමාජිකාවක්‌ ලෙසද ක්‍රියා කර ඇත.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව පවරා ඇති මේ නඩු වලට මුදල් වැයකරන්නේ කොටි ඩයස්‌පෝරාවයි.

වන්නියේ රෝහල්වලට බෝම්බ දැමීම, පුලිතේවන්, කොටි පොලිස්‌පති නඩේසන් ඇතුළු කොටි ඝාතනය කිරීම, වධකාගාර පවත්වාගෙන යැම යන සාවද්‍ය චෝදනා රැසක්‌ ජගත් ජයසූරිය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇත.

මේ අතර ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසුවේ ජෙනරාල් ජයසූරිය මහතා ලතින් ඇමරිකානු අධිකරණවල නීති පද්ධතිවලට යටත් නොවන නිසා එකී නඩුවලට කිසිසේත් පෙනී නොසිටින බවයි.

යස්‌මින් සුකා මේ නඩු ගොනු කර ඇත්තේ ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යන නීතිය මතය.

මෙයට පෙර ඇමරිකානු අධිකරණය හමුවේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි පැවැරූ යුද අපරාධ චෝදනා නඩුවද ඇමරිකානු අධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇත.

යස්‌මින් සුකා විසින් ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව ආජන්ටිනාව, චිලිය, බ්‍රසීලය, කොළම්බියාව සහ පීරු යන රටවල අධිකරණ හමුවේ මේ නඩු පවරා ඇත.

-දිවයින

Related posts

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday

එට්කා ගැන විජිතගෙන් ප්‍රකාශයක්

Admin

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

‘දැවැන්ත බෞද්ධ සංහාරයක් එනවා’ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අනතුරු අගවයි

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin