Covid 19

තෝර් ට වැලදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය යයි

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයෙකුගෙන් සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පවසයි.

දෙහිවල සත්ත්ව උද්‍යානයේ කොරෝනා ආසාදිතව හඳුනාගත් සිංහයන් සම්බන්ධව පරීක්ෂණ සිදු කළේ රාගම වෛද්‍ය පීඨයයි.

එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ, දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා වෛරසය ආසාදිත බවට පළමුවරට හඳුනාගත් අතර ඉන්පසුව සිංහ ධේනුවට ද කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනා ගත් බවය.

සිංහයාගේ නාස් කුහරයෙන් ලබාගත් සෙම් පටල හරහා කොරෝනා ආසාදිත බවට හඳුනාගත් අතර වැලඳී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා අංශය මගින් පරීක්ෂණ සිදුකර තිබුණි.

ඒ අනුව පළමුව හඳුනාගත් තෝර් නැමති සිංහයාට ඇල්ෆා ප්‍රභේදය වැලඳී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

සිංහ ධේනුවගේ ද සාම්පල ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා‍ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකර ඇත.

මහාචාර්යවරයා සඳහන් කළේ සිංහ ධේනුවට ද ඇල්ෆා ප්‍රභේදයම වැලඳී ඇති බවට සැක කරන බවය.

මෙම ඇල්ෆා ප්‍රභේදය එංගලන්තයේ සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදයක් වන අතර එය සතුන් අතර පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම වානර වර්ගයේ සතුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවත් බළල් කුලයේ සතුන්ට කොරෝනා වෛරසය වැලඳීමේ මධ්‍යම ප්‍රමාණයේ අවදානමක් ඇති බව මහාචාර්යවරයා පවසයි.

සිංහයන්ට කොරෝනා වෛරසය ආසාදනයවීම සම්බන්ධයෙන් දෙහිවල සත්ත්ව උද්‍යානයේ සේවකයන් 100කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර එයින් එක් පුද්ගලයකු පමණක් කොරෝනා වෛරසය ආසාදිතව හඳුනාගෙන තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

Update: මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday