Colombo Today Local News

කඳුළු ගෑස් උණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

ඉකුත් 13 වැනි දා පොල්දූව මංසන්ධිය ආසන්නයේ පැවති විරෝධතාව අතරතුර පොලිස් නිලධාරීන් සතුව තිබූ කඳුළු ගෑස් උණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු ඇතුල්කෝට්ටේ අලකේෂ්වර මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ තිබී කඳුළු ගෑස් උණ්ඩ 5 ක් සොයා ගත් බව පොලීසිය පවසයි.

පොල්දූව මංසන්ධිය අසල විරෝධතා විසුරුවා හැරීම සඳහා අවශ්‍ය කඳුළු ගෑස් උණ්ඩ පොලීසිය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කර ඇති අතර සැකකරු විසින් එහි තිබී උණ්ඩ සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

26 හැවිරිදි සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

දූෂකයා බේරාගන්න හැදූ කාන්තා කටයුතු ඇමතිණියව විනිසුරු ඉලංචේලියන් විවේචනය කරයි !

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday