Colombo Today Local News

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

විධායකය අහෝසි කිරීම දීර්ඝ කාලීන වැඩක්‌. ඒ සදහා ජනමත විචාරණයක්‌ පවා අවශ්‍ය වනවා. 20 වැනි සංශෝධනයේ 13 වැනි සංශෝධන බලාත්මක කිරීමේ සංශෝධන තිබුණොත් භයානකයි. එම කටයුතුවල කිසිදු විනිවිද භාවයක්‌ නෑ. එම නිසා මෙම අවස්‌ථාවේ කිසිදු සංශෝධනයක්‌ නොකර ඉන්න එක තමයි හො`ද. මම 78 ව්‍යවස්‌ථාව මුල සිට අගට කියෙව්වා. එහි රට බෙදන්න ප්‍රතිපාදන නෑ. නමුත් මේ අය කරන්න හදන්නේ ඒකමනේ. මේ ව්‍යවස්‌ථාවේ තිබෙන්නේ සෑම ජන කොටසකටම සෑම දෙයක්‌ම සමානව දෙන්න කියන එක. මම මේ කතා කරන්නේ ඒ පිළිබදව ජන මතයක්‌ ගොඩ නැඟීම සදහා.
ජනතා විමුක්‌ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන ඒමට සූදානම් වන 20 වැනි සංශෝධනයත් සමග, පවතින ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම හෝ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම පිළිබ`දව වූ කතිකාව නව මුහුණුවරක්‌ ගෙන ඇත. එම කතිකාව පිළිබ`ද ධර්ම පර්යේෂකාලයාධිපති ආචාර්ය පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමියන් පළ කළ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – මේ වන විට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සදහා පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයක්‌ බවට පත් කර තිබෙනවා. ඒ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා පවතින ව්‍යවස්‌ථාවට 20 වැනි සංශාaධනය ගෙන ඒමේ සූදානමක්‌ පවතිනවා.

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම ස`දහා හෝ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම ස`දහා පවතින සූදානම ඔබ වහන්සේ දකින්නේ කෙසේ ද ?

පිළිතුර – ඔය ප්‍රශ්නයට මම උත්තර දෙන්නේ ව්‍යවස්‌ථාව පිළිබ`දව විශේෂඥයකු ලෙස හෝ දේශපාලන පක්‌ෂවලට පක්‌ෂව හෝ විරුද්ධව නොවෙයි. ඔය ප්‍රශ්නයට මම උත්තර දෙන්නේ හුදෙක්‌ පොත පත කියවන, සමාජය පිළිබ`ද ටිකක්‌ විවෘත මනසින් බලන බෞද්ධ චින්තනය මත සිට කටයුතු කරන බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස මේ වන විට නව ව්‍යවස්‌ථාවක්‌ පිළිබ`දව හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබ`දව නිරන්තරයෙන් කතා කරන බව ඇත්ත. පවතින 1978 ව්‍යවස්‌ථාව මම සම්පූර්ණයෙන්ම කියවල තිබෙනවා. එම ව්‍යවස්‌ථාව මේ වන විට 19 වතාවක්‌ සංශෝධන කරල තිබෙනවා. එම සංශෝධනයන් කරලා තිබෙන්නේ එම වකවානුවල පැවැති යම් යම් ප්‍රශ්න නිරාකරණය කිරීම ස`දහා බව පැවැසෙනවා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පූර්විකාවෙ ස`දහන් වනවා “නිදහස්‌ ලෙස තේරී පත් වූ ලංකා වාසීන්ගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැ`දීම නිහතමානයෙන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන ආකාරයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික හා සංස්‌කෘතික පදනමක්‌ ඉදි වන ආකාරයෙන් ද රටේ සමගිය පුනර්ස්‌ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සම`ග සුහදතාව වර්ධනය වන ආකාරයෙන් ද ස්‌වකීය අයිතිවාසිකම් හා වරප්‍රසාද යළි දිනා ගෙන ආරක්‌ෂා කර ගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝධාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින් එකී වරම ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මෙයින් සම්මත කොට පනවම්හ” යනුවෙනි.

එම පූර්විකාවේ ස`දහන් වන්නේ සාධාරණ සමාජ පරිසරයක්‌ තිබෙන බවත්, සුහදව ජීවත් වන සමාජයක්‌ ඇති කරන බවත්, පවසා මූලික අයිතිවාසිකම් ඇතුළත් කරල තිබෙනව. එම අයිතීන්වල කිසිදු භේදයකින් තොරව ජනතාවට ජීවත්විය හැකි පරිසරය ස්‌ථාපිත කරන බවත් ස`දහන් වනවා.

මෙම ව්‍යවස්‌ථාවේ ස`දහන් වන්නේ නැහැ යම්කිසි ජාතියකට විශේෂ වරප්‍රසාද දෙන බව. ඒ වගේම කිසිම ආගමකට විශේෂ වරප්‍රසාද දෙන බව. මෙ ව්‍යවස්‌ථාව මගින් අපේ රටේ ජීවත් වන කාටත් හො`දින් ගෞරවනීය ලෙස ජීවත් විය හැකි පරිසරය සුරක්‌ෂිත කරල තිබෙනවා.

ඒ වගේම මෙම ව්‍යවස්‌ථාවේ 6 වැනි සංශෝධනයේ ස`දහන් කරනවා “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කරන බවට ද, ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට නියමින් හෝ අනියමින් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත කටයුතු කිරීම, අනුබල දීම, මුදල් දීම, ධෛර්යය දීම, දේශනා කිරීම නො කරන බව ගෞරව බහුමානයෙන් යුක්‌තව ප්‍රතිඥ දෙමි” යනුවෙන්.

එහෙම ප්‍රතිඥ දෙන අය නිතරම ස`දහන් කරන්නේ අපට වෙනම අධිකාරියක්‌, වෙනම බල ප්‍රදේශයක්‌ අවශ්‍ය බව තමයි. එසේ ප්‍රකාශ කිරීම ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කිරීමක්‌, ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌. නමුත් ඒ පිළිබ`දව පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රශ්න කරන්නේ නෑ.

එම පසුබිම තුළ අපට සිතන්න සිද්ධ වෙලා තිබෙනවා අපගේ රට බෙදල වෙන් කරල විනාශ කිරීම ස`දහා ජාත්‍යන්තරයේ බලපෑමක්‌, යම් සැලසුමක්‌ ක්‍රියාත්මක වනවද කියල.

එම පසුබිම තුළ සිට තමයි අපි ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම හෝ සංශෝධනය කිරීම පිළිබ`දව සලකා බැලිය යුත්තේ. දැන් කියනවා විධායකය අහෝසි කරන්න කියලා. 20 වැනි සංශෝධනය ගෙන ඒමේ පරමාර්ථ කිහිපයක්‌ම තිබෙන බව පෙනෙනවා. එක්‌ පරමාර්ථයක්‌ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. 1978 න් පසුව විධායක බලතල නිසි ලෙස භාවිත නොකිරීම නිසා ගැටලු ඇති වූවා තමයි. නමුත් එය මේ අවස්‌ථාවේ අහෝසි කළොත් විශාල ප්‍රශ්න ගණනාවක්‌ ඇති වෙනවා.

13 වැනි සංශෝධනයේ තිබෙන ඇතැම් බලතල පාලනය වන්නේ විධායකය නිසා. පළාත් සභා සීමාව ඉක්‌මවා ගියොත් ඒවා පාලනය කිරීමට පුළුවන් වන්නේ ජනාධිපතිතුමාට පමණයි. එම පසුබිම තුළ විධායකය අහෝසි කළොත් රට පෙඩරල් වනවා. එම නිසා විධායකය අහෝසි කරනවා නම් එය යම් සංවිධිත ක්‍රමයක්‌ යටතේ කළ යුතු වනවා.

ව්‍යවස්‌ථාව තමයි රටක ජීවය. එය වෙනස්‌ කිරීමට අවශ්‍ය දාර්ශනික පසුබිමක සිට අපි ඒ පිළිබ`දව කතා කරල නෑ. එම පසුබිම තුළ ගන්නා තීන්දු තීරණ අනුව විනාශයක්‌ වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය – ඔබ වහන්සේ ඒ ස`දහා යෝජනා කරන විස`දුම කුමක්‌ද ?

පිළිතුර – භික්‌ෂුවක්‌ ලෙස මම ඉල්ලා සිටින්නේ මධ්‍යස්‌ථ උගතුන් මේ පිළිබ`දව කතිකාවතක්‌ ආරම්භ කළ යුතුය කියන එක තමයි. එය නොකර ව්‍යවස්‌ථා සංශෝධනයකින් අපේක්‌ෂා කරන්නේ කුමක්‌ද ?ඇත්ත වශයෙන්ම සංශෝධනය විය යුත්තේ ඔළු ගෙඩි තමයි.

ප්‍රශ්නය – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම ස`දහා දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයා සමග කරුණු 10 ක්‌ පිළිබ`දව එක`ගතාවයට පැමිණි බව ස`දහන් වනවා. එම පසුබිම තුළ නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම ඉක්‌මන් වීමට ඉඩ තිබෙනවා නේද ?

පිළිතුර – දෙමළ සන්ධානය විවිධ ආකාරයේ ඉල්ලීම් ඉල්ලනවා. අගමැතිවරයා කරුණු 10 ක්‌ පිළිබ`දව පොරොන්දු වූ බවත් ස`දහන් වනවා. එම පොරොන්දු සහ පාර්ලිමේන්තුවට තේරී පත් වීමේදී ලබා දුන් ප්‍රතිඥව අතර විශාල ඝට්‌ටනයක්‌ තිබෙනවා. නමුත් ඒ පිළිබ`දව කවුරුත් පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ නෑ. පාර්ලිමේන්තුවෙන් පිටතත් කතා කරන්නේ නෑ. හැමදාම මේ දේ සිද්ධ වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ස`දහා 20 වැනි සංශෝධනය ගෙන ඒමට සූදානම් වන්නේ මාක්‌ස්‌වාදී පක්‌ෂයක්‌ වූ ජනතා විමුක්‌ති පෙරමුණ . එම පක්‌ෂය කටයුතු කරමින් සිටින්නේ උතුරු කොරියාවේ, කියුබාවේ, චීනයේ මෙන් නිර්ධන පන්ති ආඥ දායකත්වයක්‌ තිබෙන ඒකාධිපති පාලනයක්‌ පිහිටුවීමට. එබ`දු අරමුණකින් කටයුතු කරන පක්‌ෂයක්‌ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙතරම් උනන්දු වීම ඔබ වහන්සේ දකින්නේ කෙසේ ද ?

පිළිතුර – කියුබාවේ µsදෙල් කැස්‌ත්‍රොa පවා කාලාන්තරයක්‌ තිස්‌සේ ඒකාධිපති පාලකයකු ලෙස තමයි කටයුතු කළේ. මේ දෙකේම ස්‌වභාවය එකක්‌ තමයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ ස`දහන් කරන ආකාරයට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්, ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කරන බවට ලබා දුන් ප්‍රතිඥවට පවා පටහැනිව කටයුතු කරමින් සිටිනවා. එම පසුබිම තුළ ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්‌ ද ?

පිළිතුර – පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක්‌ ඉන්න වනේ. එක්‌ අමාත්‍යංශයක්‌ ගත්ත තීරණය තවත් අමාත්‍යංශයක විෂය පථයට පටහැනි වෙන්න පුළුවන්. එබ`දු අවස්‌ථාවලදී එම අමාත්‍යංශයේ යුතුකම තමයි එම වරද පෙන්වලා දෙන එක. නමුත් එහෙම දෙයක්‌ වන්නේ නෑ. දේශපාලන පක්‌ෂවලටත් බලවත්. එම තත්ත්වය පෙන්වා දෙන්න පුළුවන් වෙන්න ඕනී. එම නිසා තමයි මම කිව්වේ ස්‌වාධීනව කථා කරන පිරිසක්‌ ඇති විය යුතු බව. එවිට බොහෝ ප්‍රශ්නවලට විස`දුම් ඇති කර ගන්න පුළුවන්.

විධායකය අහෝසි කිරීම දීර්ඝ කාලීන වැඩක්‌. ඒ ස`දහා ජනමත විචාරණයක්‌ පවා අවශ්‍ය වනවා. 20 වැනි සංශෝධනයේ 13 වැනි සංශෝධන බලාත්මක කිරීමේ සංශෝධන තිබුණොත් භයානකයි. එම කටයුතුවල කිසිදු විනිවිද භාවයක්‌ නෑ. එම නිසා මෙම අවස්‌ථාවේ කිසිදු සංශෝධනයක්‌ නොකර ඉන්න එක තමයි හො`ද. මම 78 ව්‍යවස්‌ථාව මුල සිට අගට කියෙව්වා. එහි රට බෙදන්න ප්‍රතිපාදන නෑ. නමුත් මේ අය කරන්න හදන්නේ ඒකමනේ. මේ ව්‍යවස්‌ථාවේ තිබෙන්නේ සෑම ජන කොටසකටම සෑම දෙයක්‌ම සමානව දෙන්න කියන එක. මම මේ කතා කරන්නේ ඒ පිළිබ`දව ජන මතයක්‌ ගොඩ නැඟීම ස`දහා.

ධර්ම පර්යේෂකාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමි

Related posts

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

සිරසෙන් දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක් – කොටස් වෙළදපොළේ වංචා ගැනත් හෙළි කරයි

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

colombotoday

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

colombotoday