Colombo Today Local News

පස් පොඩ්ඩාට ගම්පහ අධිකරණය අසල වෙඩි තබයි – 4කට තුවාල

ගම්පහ අධිකරණය අසල වෙඩි තැබීමකින් අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ‘පස් ‌පොඩ්ඩා’ ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (27) දහවල් කාලයේයි.

තුවාල ලැබූ සැකකරුවන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

අධිකරණ කටයුත්තක් සඳහා ඔහු ඇතුළු 6 දෙනෙකු කැබ් රථයකින් ගම්පහ අධිකරණයට පැමිණ තිබේ.

ඉන් සිව්දෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත.

මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ. – රවී කුමුදේශ්

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

තිලීපන් සැමරුම් වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

Admin

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday