Colombo Today Local News

තිලීපන් සැමරුම් වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

අද (19) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් කොළඹ වරායේ

colombotoday

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

colombotoday

මේ රට ගෙනියන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි.. ජනපති අපේක්ෂකත්වයටත් එකම සුදුස්සා ඔහුයි

colombotoday

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday