Colombo Today Local News

රාජාංගනයේ කොවිඩ් ආසාදිතයා ඇසුරු කල දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීමට දන්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා තරග වදින ඇමති එස් එම් චන්ද්‍රසේන සහ හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීම සඳහා දැනුම් දී ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා රාජාංගනයේ මුල්ම කොරෝනා ආසාදිතයා සභාගීවූ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයි සඳහන්ය.

කෙසේ නමුත් එම උපදෙස් මඟ හරිමින් ඔවුන් දෙදෙනාම මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටින බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මේ වන විට එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ විශාල පිරිසක් වන ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Related posts

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…

colombotoday

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin

“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයි

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday