Colombo Today Local News

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

කොවිඩ් -19 ආසාදිතයින් 212 දෙනෙකු ඊයේ (15) දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඉන් 45 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ය.

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 153 දෙනෙකු ද ඒ අතර වේ.

ඊට අමතරව බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 14 දෙනෙකු ද ඊයේ දිනයේ නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 167 දෙනෙකු දිස්ත්‍රික්ක 13 කින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 32 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 දෙදෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්ය.

සෙසු ආසාදිතයින් 71 දෙනා දිස්ත්‍රික්ක 10 කින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 95,949 දක්වා ඉහළගොස් තිබේ.

ඉන් 92,308 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

තවත් රෝගීන් 3,033 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday

ශ්‍රී ලංකාව හරහා ඉස්ලාමික රාජ්‍ය හදන්න ගිය තරුණයකු වෙඩි කා නසී

colombotoday

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ලාංකිකයින්ටත් අවස්ථාව

Admin

ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට චියර් කිරිමෙන් භයානක ප‍්‍රතිඵල ලද හැකියි.. – විමල්

colombotoday

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

colombotoday

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Admin