Colombo Today Local News

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

sandya-eknaligodaශ්‍රී ලංකාවට පැමිණ සිටින අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම තමන් හමුවන අතුරුදහන්වූවන්ගේ පවුල් වලින් වි‍ශේෂ ඉල්ලීමක් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

තමන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හමුවන විටදී සාකච්ඡා කරන කරුණු මාධ්‍යයන්ට ප්‍රකාශ නොකළ යුතුය යන ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකර ඇති බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ප්‍රකාශ කර ඇත.

එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා 2015.11.10 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ව හමුවී ඇත. එනමුත් එම හමුවීමෙන් පසු, ඇය මාධ්‍යය වෙත කිසිඳු අදහසක් ප්‍රකාශ කර නොමැත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව රසායනික අවිභාවතා කළ බවට මෙම තැනැත්තිය විසින් ජිනීවාහී දී සාක්ෂි ලබා දි තිබිනි. මෙතෙක් කල් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව රසායනික අවි චෝදනා එල්ල වී තිබුණේ නැත.

එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම මෙම සති අන්තයේදී, තම හමුවීම අවසන් කර පසු මාධ්‍ය වෙත අදහස් දක්වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Related posts

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කෝටි 3ක විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

Admin

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

Admin

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday