Colombo Today Local News

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

13750995062ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් ඊයේ (12) කොළඹ නගර ශාලාවේ පැවැත්වූ ඉල් මහ විරු සමරුවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහභාගී විය.

සෝමවංශ අමරසිංහ මහතා රැස්ව සිටි පරිස අමතමින්, සෝමවංශ – වීරවංශ එකතුවක් ගැන දැන් දැන් කතා බහවන බවත්, එසේ විමට හේතුව පොදු සතුරා විසින් අප යළිත් එකතු කිරීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ නායකයාව සිටියදී විමල් විරවංශ මහතා ජවිපෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගත් අතර පසුව අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ පසු සෝමවංශ අමරසිංහ මහතා ඉන් ඉවත්වී ජනතා සේවක පක්ෂය පිහිටුවා ගන්නා ලදි.

මෙසේ පක්ෂ දෙකක් පිහිටුවා ගත් ජවිපෙ හිටපු ප්‍රබලයන් දෙදෙනා කලකට පසු යළි සුහදව එක්වූයේ මෙසේය.

Related posts

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

“ශාසනාරක්ෂක සභාව රැස්වෙයි“ සියළුම ජාතික සංවිධාන 19 නුවරට !

colombotoday

CSN කෝටි 15ක් රාජසන්තකයි !

colombotoday