Colombo Today Local News

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

හෝමාගම පොලිස් වසමේ මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු ටී-56 ගිනි අවි 02ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගිනි අවි පසුගිය ජුනි මස 29 දින පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් පාතාල කල්ලි සාමාජිකයින් විසින් සඟවා තිබු ගිනි අවි ගබඩාවට අයත් බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ, පසුගිය දා පිටිපනදී ආයුධ සමඟ අත්අඩංගුවට ගත් කපිල නැමැති සැකකරු සමඟ අදාල සැකකාර පොලිස් නිලධාරියා හිතවත්කම් පවත්වාගෙන ගොස් ඇති බවය.

කපිල නැමැති සැකකරුගේ ඉල්ලීම මත මෙම අවි සහ උණ්ඩ සඟවා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

Admin

රුසියාවෙන් පැරණි යුද නැවක් ගන්න ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday

නැවේ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙයි. | දකුණු පසට ඇලවීම නිසා ඇතැම් බහාලුම් මුහුදට

colombotoday

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

“පෙන්නන්නෙම උද්ඝෝෂණ, කලබල.. දකින අය හිතන්නේ රටේ ආණ්ඩුවක් නෑ කියල“ – ජනපති

colombotoday