Colombo Today Local News

රුසියාවෙන් පැරණි යුද නැවක් ගන්න ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

රුසියාවෙන් පැරණි යුද නැවක් මිළදී ගැනීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙම නෞකාව සදහා රුසියාව ඉදිරිපත් කළ ඩොලර් මිලියන 300ක් වූ මෙම නෞකාව මිලයට ගැනීම නාවික හමුදාව ප්‍රතික්ෂේප කර තිබිණි. මේ වන විටත් විශාල පරිමාණයේ නෞකා දෙකක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති පසුබිමක එවැනි විශාල මුදලකට රුසියානු නෞකාව මිළදී ගැනීමේ හැකියාව නොමැති බැවින් නාවික හමුදාව පාර්ශවයෙන් මෙම ගනුදෙනුවට අකමැත්ත පලකර තිබිණි.

මෙම ගනුදෙනුවේදී රුසියානූ ආණ්ඩුවට අයත් JSC Rosoboronexport යුධ ආයුධ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ධුරය ලබා ගැනීම සඳහා ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් දෙදෙනෙක් සහ මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් අතර සිදුවූ බල අරගලය හේතුවෙන් මෙයට මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබිණ.

නොවටිනා මුදලකට මෙවැනි පැරැණි යුද නැවක් මිලදී ගැනීම බරපතල අපරාධයක් බව ඇතැම් මාධ්‍ය වාර්තා පලවී ඇති අතර ඒ සම්බන්ධන්යෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසුයේ වියට්නාම් රජය ද පසුගියදා මෙවැනි යුධ නැවක් රුසියාවෙන් මිලදී ගත් බවයි.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

colombotoday

රට ආර්ථිකය විනාශ කරන දේශපාලන හෙන්චයියෝ ගැන රවී කියයි

colombotoday

සාෆි සිදුවීමෙන් ආන්දෝලනයට පත් වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට මාරුවක්. ඒක දේශපාලන පළිගැනීමක්. අධ්‍යක්ෂක කියයි

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin