Colombo Today Local News

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා කැස කවන්නේ අමුතුවෙන් මතු වූ අලුත් පිරිසක් නොවන බවත් පසුගිය අවුරුදු 7-8 කාලය තුළ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසම බවත් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම පිලිබඳ මාධ්‍යවේදීන් පැන නැගි ප්‍රශ්න හමුවේ ඒ මහතා මෙසේ පැවසීය.

“ ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ග්ලයිපොසේට් නැවත භාවිතා කරන්න ඕන කියල. ඒකෙ හිතපු තරම් විෂක් නැතිලු. මම දන්නේ නැහැ එතුමා පර්යේෂණයක් කරල ද එහෙම කියන්නේ කියල. 2014 දෙසැම්බර් මාසේ මුල් වරට ග්ලයිපොසේට් කෘෂිකාර්මික වකුගඩු අසනීපෙ පැතිරෙන පළාත්වල තහනම් කලේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් පස්සේ. පස්සේ 2015 මාර්තු මාසේ මුළු ලංකාවේම තහනම් කලා. එදා ඉදන් අද දක්වා කරපු පර්යේෂණවලින් පෙනිලා ගිහිල්ල තියෙන්නේ තහනම නිවැරදියි. වකුගඩු ලෙඩ කරන්න මේ රසායනේ සම්බන්ධයක් තියෙනවම කියල. ඒ විතරක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිපොසේට් 2A වර්ගයේ පිළිකාකාරකයක් විදිහට නම් කලා. චීනේ මේ ලඟදි කරපු පර්යේෂණයකින් පෙන්නලා තියෙනවා ග්ලයිපොසේට් කර්මාන්තශාලාවල වැඩ කරන අයගේ වකුගඩු නරක් වෙනවා කියලා. මේවා කියවල බලල තේරුම් ගන්න සාමාන්‍ය පෙලවත් සමත් වෙලා තියෙන්න ඕන. මේ පිළිකාකාරකය, වකුගඩු විෂ ඕන කියල කැබිනට් පත්‍රිකා දාන කැබිනට් ඇමතිවරු ලබන්න මේ රටේ මිනිස්සු පුදුම වාසනාවන්තයි. ඒ විතරක්නම් බැරිය ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා පාර්ලිමේන්තුවේදි කියනවා මහාචාර්ය බුද්ධි මාරඹේ කියනවලු ග්ලයිපොසේට් නිසා වකුගඩු ලෙඩ හැදෙන්නේ නෑ කියල. නල්ල මරේ බඩුවක් කියල තියෙන්නේ. බුද්ධි මාරඹේ CIC කොම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්.

ඊලගට ග්ලයිපොසේට් ප්‍රශ්නයක් නෑ කියන්න ඇමරිකාවේ ඉදන් බඩුවක් ගෙනල්ල සුනිල් විමලවංස කියල. ලංකාවේ ඉන්න බැරුව ඇමරිකාවට පැනල ගිය හාදයෙක්. පල් හොරෙක්. අපේ පර්යේෂණ පත්‍රිකාවල කරුණු හොරකන් කරලා අහු උනා. බුද්ධිමය දේපල හොරෙක්. ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයොන්ගෙන් සල්ලි එකතු කලා වකුගඩු ලෙඩ්ඩුන්ට උදව් කරන්න කියල. කරපු මගුලක් නෑ. එයාම බෙදපු කොලේට අනුව එසේ මෙසේ ගානක් නෙමෙයි එකතු කරන්න සැලසුම් කලේ රුපියල් මිලියන දහදාහක්. එකතු කරපුවට මොකද උනේ කියල දන්නේ දෙයියෝ තමයි.

ඊළඟට ඊයේ ජාතික පර්යේෂණ සභාවේ පුවත්පත් සාකච්ජාවක් තියල, එකේ කියල කෘෂි රසායන වකුගඩු ලෙඩේට බලපානවා කියල හොයාගෙන නෑලු. කවුද කියන්නේ නුවර ඉස්පිරිතාලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාරයි, පේරාදෙණිය විශ්ව විද්‍යාලේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිතුයි. ග්ලයිපොසේට් ඕන කියන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මම පහුවෙනිදා නුවර ඉදන් කොළඹ ඇවිත් මාධ්‍ය සාකච්ජා තියන්න පුදුම අමාරුවක් තියෙන්න එපාය. මේගොල්ලොන්ට ජාතික පර්යේෂණ සභාව මිලියන් 50ක් දුන්න පර්යේෂණවලට කියල. තවත් රාජ්‍ය ආයතනවලින් කෝටි ගානක් දීල තියෙනවා. දැන් හෙව්වද ලෙඩේට හේතුව? කෘෂි රසායන බලපාන්නේ නෑ කියල කවුද හොයා ගත්තේ? කවදද? මාධ්‍ය ඉස්සරහට ඇවිත් පට්ට පල් බොරු කියනවා. කෘෂිකාර්මික වකුගඩු රෝගේ ගැන ලංකාවේ කරපු හැම වසංගතවේද පර්යේෂණයකින්ම තහවුරු වෙලා තියෙන්නේ කෘෂි රසායන ලෙඩේට බලපානවා කියල.

රෝගීන්ගේ වකුගඩු පටක යොදා ගෙන අපි ලඟදි බෙල්ජියමේ කරපු පර්යේෂණයකින් තහවුරු කරගත්ත වල්නාශක ඍජුවම රෝගයට බලපානවා කියල. ලෝකේ වකුගඩු විෂ ගැන ඉන්න අංක එකේ විද්වතා එක්ක ඒ පර්යේෂණ කලේ. ඒක තහවුරු කරලා පර්යේෂණ නමින් කෝටි ගණන් සල්ලි නාස්ති කිරිල්ල නවත්තන්න අපට ඕන උනා පරණ රෝගීන්ගේ වකුගඩු පටක පරීක්ෂාවට ලක් කරන්න. ඒ ගොඩක් අය මිය ගිහිල්ල. ඔක්කොම පටක ගොඩ ගහගෙන ඉන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලේ. මේ කණ්ඩායම ඒක තමන්ට ලැබුණු දෑවැද්දක් කියල හිතාගෙන ඉන්නේ. ඒ බෙල්ජියම් විද්වතා එක්ක අපි නුවරට ගිහින් මේ කණ්ඩායමට අපේ සොයා ගැනීම ගැන කියල පරණ රෝගීන්ගේ පටක ටික බලන්න අවස්ථාවක් ඉල්ලුවා. ඔය නානායක්කාරයි චන්දජිතුයි එතන හිටිය. අපිට දුන්නේ නෑ.

දැන් කොළඹ ඇවිත් බයිලා කියනවා. මම ඔය හැමෝටම කියනවා හොදට මතක තියා ගන්න ඔය දැගලිලි හැමදාම බෑ. කකුළුවාගේ නැටිල්ල වතුර රත් වෙනකන් විතරයි. මේ පාර දගලලා දගලලා ග්ලයිපොසෙට් තහනම ඉවත් කර ගනී සමහර විට. ලෑස්ති වෙලා ඉන්න ඔය තක්කඩි ඔක්කොම වැඩි කල් යන්න ඉස්සෙල්ල ගේනවා බලගතු කොමිසමක් ඉදිරියට.

අපේ රටේ මිනිස්සු මරන්න, පොඩි ළමයි හිටන් වකුගඩු ලෙඩ්ඩු කරන්න, පිළිකා ලෙඩ්ඩු කරන්න උල්පන්දම් දීපු හැම කෙනාගේම අග ගිය මුල ගිය තැන් ඔක්කොම එලියට ගන්නවා. ඔය පර්යේෂණ සභාවල, සම්බන්ධීකරණ කාර්යාලවල දගලන අයටත් එක්කයි කියන්නේ. ලෑස්ති වෙලා ඉන්න ඔයිට වඩා කෙරුම්කම් පාපු අර්ජුන් මහේන්ද්‍රන්ලත් අද හැංගිලා ඉන්නේ. මේ රටේ මිනිස්සුන්ට කෙලලා හරි ගිය එකෙක් පහුගිය සියවස් 25ත් නෑ ඉස්සරහ සියවස් 25ත් නෑ”

– චන්න ජයසුමන

Related posts

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin