Colombo Today Local News

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

ප්‍රවාහණ සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ සිට (14) දින කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට පාලනය වන තෙක් පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාවට ප්‍රවාහණ සේවාවන් සැලසීමේ දී කිසිදු හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් කොවිඩ් 19 පොදු ප්‍රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා එම බලකාය පත් කරමින් ප්‍රකාශ කළේය.

ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායේ සභාපති ලෙස අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර තිබේ.

ලේකම් වශයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා මහතා කටයුතු කරයි.

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම බලකාය සඳහා බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රියසාමාන්‍යාධිකාරි, ලංගම, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද, පළාත් මාර්ගස්ථ අධිකාරිවල සභාපතිවරු ද , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන නියෝජිතයෙක් ද ඇතුළත් වේ.

මහජනතාවට ප්‍රවාහණ සේවාවන් සැපයීමේ දි කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති – 011-2187233, අමාත්‍යාංශයේ දුරකථනය වන 011-2187200 හා ලේකම් , 0714410568 පැක්ස් අංක 011- 2865093 මගින් ද විමසීම් කළ හැකි වේ.

Related posts

මං අගමැති වීම ස්ථිරයි.. ජනාධිපති,අගමැති දෙපැත්තක හිටියට ප්‍රශ්නයක් නැ..

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin