Covid 19

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% කට රෝග ලක්ෂණ නැහැ

වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17% කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති කොවිඩ් තාක්ෂණික කමිටුවේදී අනාවරණය වී තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් මෙම තාක්ෂණික කමිටු රැස්වීම පැවැත්විණි.

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% ක් පමණම රෝග ලක්ෂණ නොපෙන්වන බවද හෙළි වී තිබේ. ආසාදිතයන්ගෙන් 5% ක් පමණ හදිසි ප්‍රතිකාර ඒකක වෙත යොමු කිරීමට සිදුව තිබේ.

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ප්‍රමාදවීම වැළැක්වීම සඳහා පරීක්ෂණ, උපාය මාර්ගික ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමටද මෙහිදී තීරණය කළ බව රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවැසුවාය. දැඩි සංචරණ සීමා පැනවීමකදී හෝ සම්පූර්ණ හුදෙකලා කිරීමකට ලක් වූ විට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය උපදෙස් මාලාවක් සකස් කිරීමටද මෙහිදී තීරණය කරන ලදී. කොවිඩ් පාලනය සඳහා වෛද්‍ය උපාධිධාරීන්ගේ සේවය ලබා ගැනීමටද මෙහිදී යෝජනා ඉදිරිපත්ව ඇත.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

colombotoday

දුම්වැටි භාවිතා කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

ඊයේත් තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday