Colombo Today Local News

ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරය අදයි – නිලධාරීන් 467 ක් ඇතුළු 7,757කට උසස්වීම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට (02)දිනට යෙදී තිබේ.

1951 මාර්තු මස 2 වන දින “රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව” ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව අද වන විට 34,000 පමණ පිරිසකගෙන් ද ගුවන් යානා 100කට වැඩි විශේෂ බලගණවලින් සමන්විත වේ.

මාර්තු මස 5 වන දින අංක 5 ප්‍රහාරක ජෙට් බලගණය අංක 6 බලගණ හට දේශය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර සඳහා ජනාධිපති සම්මාන ප්‍රධාන කිරීමේ සම්මාන පෙළපාලියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සුදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් 467කට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනය පැවැත්වීමට නියමිතය.

Related posts

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

විශේෂ ජනපති පරීක්ෂණ කොමිසමට විනිසුරු සෝභිත පත් කෙරේ

colombotoday

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday