Colombo Today Local Newsfeatured

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

තමන් වහන්සේට සිදුවෙන්නට යන දෙය පිළිබඳව 2018 මාර්තු 27 Colombo Today අපගේ වෙබ් අඩවිය සමග සිදුකල සාකච්චාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අදහස් ප්‍රකාශ කර සිටියා.

පාලකයන් සාම, දාන, භේද,දණ්ඩ යන ක්‍රියාවලිය ඔස්සේ කටයුතු කරන බව එහිදී ප්‍රකාශ කර සිටි ඥානසාර හිමි “පාලකයෝ සාමයට කතා කරනවා.. සමයට ගියොත් අපේ අරමුණුවලින් අපට යම් පමණකට ඈත් වෙන්න වෙනවා. ඒ නිසා ඒකට අපි කැමති නෑ… ඊළඟට දාන… වරදාන දෙනවා… පාලකයෝ හුගාක් අපිට වරදාන දෙන්න ඇවිල්ලා තියෙනවා… නමුත් අපි ඒවා අලුයම හෙලූ කෙළපිඩක් මෙන් අයින් කරනවා. ඊළඟට මේ අය බලනවා භේද කරන්න. එකනම් හරි ගිහිල්ලා තියෙනවා. භේද කරනවා. මේක ඩීල් එකක් කියනවා. අතරමගදි මනුස්සයෙක් හම්බ උනොත් කතා නොකර ඉන්නද? හිනා වෙලා කතා කලොත් ඒක ඩීල් එකක්. අවසාන විග්‍රහයේදී අපි ඒකත් ජය ගන්නවා. ඊළඟට ඒ ගොල්ලෝ දණ්ඩ නීති සංග්‍රහය ගෙනත් අපිව ගැට ගහලා දානවා. ඉතිං ඒ දණ්ඩයෙන් තමයි අපිව ගැටගහලා තියෙන්නේ. දවස් ගණන් උසාවිවල රස්තියාදු වෙනවා.” යැයි සඳහන් කර සිටියහ.

Related posts

මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

colombotoday

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

colombotoday

චක්‍රලේඛයකට අනුව ගුරු – විදුහල්පති සංගම් සේවයට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

colombotoday

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

colombotoday

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

colombotoday

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ.. රැඳවියෝ තුනක් විභාගය ලියයි.

colombotoday