Colombo Today Local News

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප‍්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව විරෝධය පලකරමින් රිෂාද් බදුර්දීන් ඇමතිවරයා විසින් සිලාවතුර මරිච්චිකට්ටි ඇතුළු ගම්මාන පහක නැවත පදිංචි කරන ලද ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ.

ඉකුත් 24 වැනි දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කල්ලාරු, මාවිල්ලූ රක්ෂිත ඇතුළු රක්ෂිත පහක් ගැසට් නිවේදනයකින් එක් වනාන්තරයක් ලෙස නම් කර ගැසට් නිවේදනය කළේය.

සත්‍යග්‍රහයේ නිරතවූවන් පවසන්නේ, වසර පන්සීයකට වඩා වැඩි කාලයත් මෙම පළාතේ තම වැසියන් පදිංචිව සිටි නිසා 2012 වසරේදී ගැසට් නිවේදනයක් මගින් මෙම ප්‍රදේශය විල්පත්තු රක්ෂිතයෙන් ඉවත්කළ බවයි. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන තුරු අඛන්ඩව සත්‍යග්‍රහයේ නිරතවන බව ඔවුහු පවසති.

තමන්ගේ බහුතර ඡන්දයෙන් තොරා පත්කරගත් ජනාධිපතිවරයා තමන්ට මෙවැනි අසාධාරණකම් සිදුකිරීමට විරෝධය පලකරන බව ද ඔවුහු පවසති.

Related posts

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

colombotoday

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

බැදුම්කර මගඩියට අගමැති උපදෙස් දුන්නා.. අර්ජුන් කෝප් කමිටුවේදී සාක්ෂි දුන්නා

colombotoday

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (Voice)

colombotoday

ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට අගමැති ඉන්දුනීසියා යයි

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday