Colombo Today Local News

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

වාරියපොල මාමුණුව පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක් හටගෙන තිබේ. අදාළ ගිනි ගැනීම ඊයේ (01)දින සවස සිදුව තිබෙන බව වාරියපොල පොලිසිය සඳහන් කර ඇත.

ඊයේ සවස 05 ට පමණ ගන්න හටගෙන ඇති අතර වාහනයක විදුලි කාන්දුවකින් බවට සැකකෙරේ. ඉන්ධන බවුසරයකට ගිනි ඇවිලී ඇති අතර පසුව ගින්න ඉන්ධන පිරවුම් හලේ එක් ඉන්ධන පොම්පය කට සහ පිරවුම් හලේ වහලයේ කොටසකටද පැතිර ගොස් තිබුණා.

අනතුරුව කුරුණෑගල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ සවස 6.39 පමණ වනවිට ගින්න පාලනය කර තිබෙන බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත.

ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

Related posts

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

colombotoday

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

Admin

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

ඖෂධ හිඟයට GMOA වගකිව යුතුයි.. – රාජිත

colombotoday