Colombo Today Local News

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

මෙරට අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව දෙවසරක් ඇතුළත හැට හය ලක්ෂයකට අධික සංඛ්‍යාවකින් වර්ධනය වී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

එම සංඛ්‍යාලේඛන අනුව හැට හත් ලක්ෂ හතළිස් හත් දහස් එකසිය පනස් හතරක් වූ 2017 වසරේ අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව 2019 වසර වන විට එක් කෝටි තිස් හතර ලක්ෂ අටදහස් හාරසිය තුනක් දක්වා එනම් හැටහය ලක්ෂ හැට එක් දහස් දෙසිය හතළිස් නවයකින් වර්ධනය වී තිබේ. 2018 වසරේ අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව එක්කෝටි පන් ලක්ෂ හැට දෙදහස් හයසිය හැත්තෑ පහක් වූ බව ද එම සංඛ්‍යාලේඛන හෙළි කරයි. 2019 වසර වන විට රැහැන් සහිත අන්තර්ජාල පහසුකම් ලැබූ ග්‍රාහක සංඛ්‍යාව නවලක්ෂ අටදහස් හාරසිය දහඅටක් වී තිබෙන අතර ඉන් සියයට හතළිස් තුනක් පමණ ම බස්නාහිර පළාතේ ය. ග්‍රාමීය ප්‍රදේශවල රැහැන් සහිත අන්තර්ජාල පහසුකම්වල ව්‍යාප්තිය අවම මට්ටමක පවතින බවත් එම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

මේ අතර 2018 වසරේ දී ස්ථාවර දුරකථන ඝනත්වය පුද්ගලයන් සියයකට 11.5ක් වූ නමුත් එය 2019 වසරේ දී 10.5 දක්වා අඩු වී ඇත. එමෙන්ම 2018 වසරේ දී පුද්ගලයන් සියයකට 150.1ක් වූ ජංගම දුරකථන ඝනත්වය 2019 වසරේ දී 161.4ක් දක්වා වර්ධනය වී ඇත.

Related posts

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

colombotoday

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday