Colombo Today Local News

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේ ‘අවසන් වාර්තාව’ සැකසීම මේ වන විට ආරම්භ කර ඇති බව එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය පසුගිය 20 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර කොමිසමේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය ලබන 31 වැනිදා තෙක් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එසේම තවදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු කිහිප දෙනකු කොමිසම හමුවට කැඳවීමට නියමිත බවද කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේය.

මේ වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම දින 210 ක් රැස්වී ඇති අතර සාක්ෂිකරුවන් 431කුගෙන් සාක්ෂි විමසා අවසන් කොට ඇත.

එසේම පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය ප්‍රහාරයට අදාළව පුද්ගලයන් 1570කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Related posts

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

සමහරුන් රටේ නායකය මැරෙන්නේ කවදාදැයි ඔහුගේ කේන්දරය ගෙන බලනවා… වෙන රටවලනං එහෙම නෑ

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday