ArticlesColombo Today Local Newsextremism & terrorism activities

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

මෙම ලිපිය “සියදිවි නසා ගැනීම ඉස්ලාමයට විරුද්ධ ය. ආගම වෙනුවෙන් දිවි පිදීම එසේ නොවේ.” යන මාතෘකාව යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදිත ලිපියකි. එම ලිපියේ අඩංගු කරුණු ඇතුලත් කර ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය සහ සමස්තලංකා ජමයතුල් උලමා සංවිධානය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති කුරාණ දෙකක් සමග සංසන්දනය කර ඉදිරිපත් ඇත.

ඉස්ලාමයේ නාමයෙන් සෑම සතියකම අවම වශයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 6ක් එල්ල වේ. මෙම ස්වයං පුපුරා ගැනීමට බලපාන හේතුව අපේක්ෂා භංගත්වය හේතුවෙන් සියදිවි නසාගැනීම් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. අල්ලාහ්ගේ නාමයෙන් තම ජීවිතය ද අහිමි කරගෙන විශ්වාස නොකරන්නන්ගේ ජිවිත අහිමි කිරීමෙන් ස්වර්ගයේ සැප සම්පත් පොරොන්දු වීමෙන් ප්‍රාණ පරිත්‍යාගය ප්‍රවර්ධනය කිරීමේ දෘෂ්ටිවාදයේ ප්‍රතිපලයක් ලෙස මෙම මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවේ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇත්තෙන්ම මිනීමැරුමකි. සියදිවි නසා ගැනීමට විරුද්ධ හදීස් පෙන්වා දෙමින් ඉස්ලාමය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට විරුද්ධ යැයි මතයක් සමාජ ගත කිරීමට උත්සහ කලද අයතුල්ලා කොමේනි පවසන පරිදි, “ඉස්ලාමයේ ඇති පිරිසිදුම ප්‍රීතිය නම් අල්ලාහ් වෙනුවෙන් මරා දමා මිය යෑමයි.”

බොහෝ විට මධ්‍යස්ථ ඉස්ලාමයේ ආදර්ශයක් ලෙස සලකනු ලබන ජමාල් බඩාවි එක් අවස්ථාවකදී “බලාපොරොත්තු සුන්වීමෙන් සියදිවි නසා ගැනීම පිළිගත නොහැකිය. හමුදා තත්වයක් තුළ යමෙකුගේ ජීවිතය ලබා දීම වෙනස් වන අතර ඊට එරෙහි වීමට වෙනත් ක්‍රමයක් නොමැති නම් එය වීරත්වයක් විය හැකිය. පවසා ඇත.

Council on American-Islamic Relations නිර්මාතෘ ඕමාර් අහමඩ් 1999 දී තරුණ සමුළුවක දේශනයක් කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ප්‍රශංසා කළේය:

නිදහස සඳහා සටන් කිරීම, ඉස්ලාමය වෙනුවෙන් සටන් කිරීම, එය සියදිවි නසා ගැනීමක් නොවේ. ඔවුන් ඉස්ලාමය වෙනුවෙන් සියදිවි නසා ගනී.

විශාල මුස්ලිම් ප්‍රජාවක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අහිංසක මුස්ලිම්වරුන් මරණයට පත් වන අවස්ථාවක පවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලකිරීම යූසෙෆ් අල්-කරදාවි විසින් සාධාරණිකරණය කර ඇත.

පරලොව පිළිබඳ ඉස්ලාමයේ මිත්‍යා දැක්ම යෞවනයෙකුගේ සිහින ලෝකයක් බව නොරහසකි. එයට හේතුවක් තිබේ. මුහම්මද් උත්සාහ කළේ සටනේදී කැපකිරීම් කිරීම සඳහා එම යුගයේ පිරිමින් පෙළඹවීමයි. ස්වර්ගය ඉතා අලංකාර ලෙස විග්‍රහ කිරීමේ ඔහුගේ උපායශීලී උපායමාර්ගය, නිමක් නැති ලිංගිකත්වයට, ආහාර සහ සෞන්දර්යාත්මක සැනසිල්ලට, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පෙළඹවීම මේ දක්වා කරගෙන යයි. සදාකාලික තෘප්තිය පවතින්නේ ප්‍රාණ පරිත්‍යාගයේ අනෙක් පැත්තේ බව ඒත්තු ගැන්වීම ඔහු සිදුකර ඇත.

“මරාගෙන මැරෙන බෝම්බකරු” යන්න ඉස්ලාමයේදී (Fedayeen or Shahid) ෆෙඩෙයීන් හෝ ෂහීඩ් – ප්‍රාණ පරිත්‍යාගිකයෙකු ලෙස අර්ථකථනය කර ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුගේ අරමුණ සියදිවි නසා ගැනීමක් නොවන බවත් – එය යුද්ධයේදී අවිශ්වාසවන්තයින් ඝාතනය කිරීමක් බවත් සඳහන් කර ඇත. මෙය මුහම්මද් තුමා අවසර දී ඇතිවා පමණක් නොව, ආහාර සහ ලිංගිකත්වය ඇතුළු ස්වර්ගයේදී ලැබෙන දේ පිළිබඳව ලිබරල් පොරොන්දු වලින් දිරිමත් කර ඇත.

Quran
Quran (4:74) – “Let those fight in the way of Allah who sell the life of this world for the other. Whoso fighteth in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward.”

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (4:74) මෙලොව ජීවිතය විකුණා පරලොව මිලදී ගන්නා අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරත්වා! යමෙක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කර ඝාතනය කරන ලද්දේනම් හෝ ජය ලද්දේනම් හෝ අපි ඔහුට ඉමහත් කුලියක් පිරිනමන්නෙමු.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය (4:74) එනම් මෙලොව ජීවිතය මතු ලොව වෙනුවෙන් විකුණන්නන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදිය යුතුය. යමෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන්වැද ඝාතනය කරනු ලබන්නේනම් නැතහොත් ජය ලබන්නේනම් ඔහුට අපි ඉමහත් ප්‍රතිඵල මතු පිරි නමන්නෙමු.


Quran (9:111) – “Allah hath purchased of the believers their persons and their goods; for theirs (in return) is the garden (of Paradise): they fight in His cause, and slay and are slain: a promise binding on Him in truth, through the Law, the Gospel, and the Quran: and who is more faithful to his covenant than Allah? then rejoice in the bargain which ye have concluded: that is the achievement supreme.”

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (9:111) අල්ලාහ් විශ්වාස කල අයගෙන් ඔවුන්ගේ ජිවිත හා දේපළ ඔවුනට ස්වර්ගය ඇතැයි (පොරොන්දු වෙමින්) මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කරති. එබැවින් ඔවුහු ඝාතනය කරති. ඔවුහු ද ඝාතනය කරනු ලබති. මෙය තව්රාත් හි ද ඉන්ජිලයෙහි ද කුරාණයේහිද එහි ද ඔහු තමා කෙරෙහි අනිවාර්‍ය කරගත් පොරොන්දුවකි. අල්ලාහ්ට වඩා තම පොරොන්දුව ඉටු කරන්නා කවරෙක්ද? එබැවින් නුඹලා ගිවිසගත් මෙම වෙළඳාමෙහි සතුටුවන්න. මහත් ජයග්‍රහණය මෙයයි.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය (9:111) සැබැවින්ම අල්ලාහ් විශ්වසවන්තකයින් අතුරින් ඔවුන්ගේ ප්‍රාණයද ඔවුන්ගේ ධනය ද ඔවුන් සඳහා ස්වර්ගය වෙනුවට මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද වදිති. එවිට ඔවුහු ඝාතනය කරති. ඔවුහු ඝාතනයටද ලක් වෙති. (මෙය) තව්රාත්හි ද හින්ජිල්හී ද අල් කුරාණයේ ද ඔහු (අල්ලාහ්) කෙරෙහි (පවරා ගත්) සැබෑ ප්‍රතිඥාවක් වශයෙනි. තවද අල්ලාහ්ට වඩා තම ගිවිසුම මැනවින් ඉටු කරන්නා කවරෙකුද?


Quran (2:207) – “And there is the type of man who gives his life to earn the pleasure of Allah…” This would not be in the Quran if it were not permissible.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (2:207) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් සිය දිවියම කැප කරන අය ද මිනිසුන් අතර සිටිති. අල්ලාහ් වහලුන් කෙරෙහි අනුකම්පාව දක්වන්නෙකි.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය: (2:207) කවරෙකු අල්ලාහ්ගේ තෘප්තින් සොයා තමන්වම විකුණන්නේද (පරිත්‍යාග කරන්නේ ද) එවැනි අය ජනයින් අතුරින් සිටියි. අල්ලාහ් ගැත්තන් සමග සනුකම්පිතය.


Quran (3:140) – If a wound (and killing) has touched you, be sure a similar wound (and killing) has touched the others. And so are the days (good and not so good), We give to men by turns, that Allah may test those who believe, and that He may take martyrs from among you. And Allah likes not the Zalimun (polytheists and wrong-doers).

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (3:140) නුඹලාට( සටන් කිරීමේදී) තුවාලයක් සිදු වූයේ නම් එම පිරිසට ද එවැනිම තුවාලයක් සිදුවී ඇත. අපි මිනිසුන් අතර කාලය මාරුවෙන් මාරුවට වන්නෙමු. (මෙසේ විපත් සිදු කරන්නේ) විශ්වාස කළාය කවුරුන්දැයි අල්ලා පෙන්වා දීමටත් නුඹලා අතර (අල්ලාහ් වෙනුවෙන්) දිවි පුදන්නන් බිහි කිරීමටය. අපරාධකරුවන්ට නොකරයි.


Quran (61:10-12) “O ye who believe! Shall I lead you to a bargain that will save you from a grievous Penalty? That ye believe in Allah and His Messenger, and that ye strive (your utmost) in the Cause of Allah, with your property and your persons: That will be best for you, if ye but knew! He will forgive you your sins, and admit you to Gardens beneath which Rivers flow, and to beautiful mansions in Gardens of Eternity: that is indeed the Supreme Achievement.” This verse was given at the battle of Uhud and uses the Arabic word, Jihad.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (61:10) විශ්වාස කළ අයවලුනි, පීඩාකාරී වේදනාවකින් නුඹලා මුදවන්නා වූ වෙළඳාම ගැන මම නුඹලාට දන්වන්නෙමි ද? (61:11) නුඹලා අල්ලාහ් ගැනද ඔහුගේ දූතයා ගැනද විශ්වාස කළ යුතුය; නුඹලාගේ දේපළවලින් ද ජීවිතවලින් ද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ යුතුය; නුඹලා දන්නෙහු නම් මෙය නුඹලාට ඉතා යහපත්ය. (61:12) ඔහු නුඹලාගේ පාපයන් නුඹලා වෙනුවෙන් ක්ෂමා කරයි නුඹලා ස්වර්ගයෙහි ඇතුළු කරවයි. ඒවා යටින් ගංගා ගලා බසියි. සදාතනික ස්වර්ගයෙහි පිරිසිදු වාසස්ථාන ද ඇත. මෙයයි, ඉමහත් ජයග්‍රහණය.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය: (61:10) විශ්වස කලවුනි, වේදනීය දඬුවමින් නුඹලාව ආරක්ෂා කරන්නා වූ ව්‍යාපාරයක් නුඹලාට මා දන්වන්නේම්ද? (61:11) (එනම්) නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසුල්වරයාව ද විශ්වාස කර නුඹලාගේ ධනයෙන් ද නුඹලාගේ ධනයෙන් ද නුඹලාගේ ප්‍රානයෙන් ද අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමයි. නුඹලා දැන සිටියෙහිනම් එය නුඹලාට ඉතා යහපත් වන්නේය. (61:12) (එසේ නුඹලා කලේනම්) ඔහු නුඹලාගේ පාපයන් නුඹලාට ක්ෂමා කරන්නේය. තවද නුඹලාව (ස්වර්ග) උයන්වලට ඔහු ඇතුළු කරවන්නේය. තවද සදාතනික වූ ස්වර්ග උයන්හි ඇති මනරම්වූ නවාතැන්වලට (ඔහු ඇතුළු කරවන්නේය) එයමය ඉමහත් ජයග්‍රහණය වන්නේ.


The dark-eyed virgins are mentioned in several places as well, including verses 44:54 and 52:20. For those who swing the other way, there are “perpetual youth” verse 56:17, otherwise known as “boys” in verses 52:24 and 76:19.

කන්‍යාවන් පිළිබඳව කිහිප ස්ථානයකම සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (44:54) (52:20) (56:22,23) මෙලෙසය, ඔවුන්ට හුරුල් ඊන්වරියන් සහකාරියන් කරන්නෙමු.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය: (44:54) (අපි සුදානම් කර ඇත්තේ එසේය) තවද අපි හුරුන් ඊන් (නම් සුවර්ග කාන්තාවන්ව) ඔවුනට විවාහ කර දෙන්නෙමු.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (56:17,18) තාරුණ්‍ය වෙනස් නොවන කුඩා ළමුන් උල්පත් වලින් පුරවන ලද බඳුනක් සමග ද කුසලාන සමග ද කෙන්ඩි සමග ද ඔවුන් වටා එති.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (52:24) ඔවුන් වෙනුවෙන් සිටින මෙහෙකරුවෝ ඔවුන් වටා පැමිණෙති. ඔවුහු වසා තබන ලද මුතු මෙන් සිටිති.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය: (52:24) ඔවුනට හිමි උපස්ථායික කොලුවන් ඔවුන්වටා එන්නේය. සැබවින්ම ඔවුන් (බෙලිකටු තුල) සඟවනු ලැබූ මුතු මෙනි.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (76:19) තාරුණ්‍ය වෙනස් නොවන කුඩා ළමුන් ඔවුන් වටා එති. ඔබ ඔහු දුටුවෙහිනම් විසුරුවා හරින ලද මුතු යැයි සිතන්නෙහි ය.


Quran (17:33) “And do not kill anyone which Allah has forbidden, except for a just cause.” An important verse that is used by martyrdom bombers to not only justify their own deaths, but that of other bystanders who might be believers as well. The end justifies the means, with the goal being the defeat of the kafir and the establishment of Islamic rule.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් කුරාණය: (17:33) අල්ලාහ් තහනම් කර තිබෙන ප්‍රාණ ඝාතනය සාධාරණ හේතුවක් මත මිස සිදු නොකරන්න. යමෙක් අයුක්ති සහගතව ඝාතනය කරන ලද්දේ ද අපි ඔහුගේ භාරකරුවාට බලයක් පිරිනමා ඇත්තෙමු. එහෙත් ඔහු ඝාතනය කිරීම සඳහා සීමාව නොයික්මවිය යුතුය. එවිට ඔහු උදව් කරන ලද්දෙකි.

සමස්ත ලංකා ජමයතුල් උලමා කුරාණය: (17:33) තවද (ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කල ආත්මයක් නුඹලා යුක්තියෙන් මිස ඝාතනය නොකරව්. කවරෙකු අසාධාරණයට ලක්ව ඝාතනය කරනු ලැබුවේද සැබවින්ම ඔහුගේ භාරකරුට බලය පත් කළෙමු.

Related posts

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

colombotoday

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday

රටවල් 7ක සංචාරකයින්ට Free visa

Admin

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday