Colombo Today Local NewsUncategorized

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ. මේ වන විට එම කවුන්සිලය ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාගමක් වන බයින්ඩ්මන්ස් එල්.එල්.පී. (Bindmans LLP) හරහා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටී.

එසේම ශ්‍රී ලංකාවේ සිදු කරන කොරෝනා ආසාදිත මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට එරෙහිව ගත යුතු පියවර සලකා බැලීම සඳහා බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එහි සහකාර මහ ලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නියෝජිතායතන, නීතිඥයන්, වෛද්‍ය විශේෂඥයන් සහ ප්‍රජා නායකයන්ගෙන් ස්ථාපිත ‘කාර්ය සාධක බළකායක්ද’ පිහිටුවා ඇත. කොරෝනා මරණ ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වහාම හකුළා ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මට්ටමින් බලපෑම් එල්ල කිරීම එහි අරමුණයි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය පවසන්නේ බලහත්කාරයෙන් සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් සුළුතර කණ්ඩායමේ ආගමික නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

‘‘පවුලේ ඥාතියකුගේ දේහයක් නියමිත වේලාවට භූමිදානය කිරීමට ඉඩ ලබා නොදීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින් වසංගතය අතරතුර මළ සිරුරු ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇත යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

PRESS RELEASE

30 December 2020

The Muslim Council of Britain to launch legal action against Sri Lankan government’s ‘forced cremations’

“The ongoing ‘forced cremation’ policy by the Sri Lankan Government of COVID-19 deceased has included a 20-day old baby and over 100 Muslims according to a reliable source.

In response to this, the Muslim Council of Britain has set up a Taskforce headed by Assistant Secretary-General, Zara Mohammed, consisting of UK-based Sri Lankan representative bodies, lawyers, medical experts, and senior leaders of the community.

The MCB taskforce has written to the Foreign Secretary and the Sri Lankan High Commissioner to request an immediate reversal of this ‘forced cremation’ policy and highlight its impact on Muslim and Christian communities.

Tayab Ali, Partner at leading London law firm, Bindmans LLP said:

“The forced cremations of Muslim bodies in Sri Lanka are a serious violation of the religious freedom of a minority group. It is a violation of international law to delay returning a family member’s body for burial in a timely way unless there is good reason to do so. In this case the Sri Lankan authorities have departed from the World Health Organisation’s recommendation for the safe management of a dead body during the coronavirus pandemic without any justification. In addition, the Sri Lankan Supreme Court’s rapid and unreasoned dismissal of the application made by family members of the deceased leaves no domestic remedy to what some have described as ongoing persecution of the Muslim minority in Sri Lanka. We are now preparing to bring this matter to the urgent attention of the United Nations Human Rights Committee for resolution”.

The Sri Lankan Government’s policy of forced cremation is unconstitutional in its very nature and continues to devastate the families of the deceased. It is now imperative for the international community to urge the Sri Lankan Government to reverse this policy, immediately. The MCB taskforce will pursue the necessary legal action to end this violation of human rights and allow families to bury their deceased with dignity.

[ENDS]

Notes to Editors:

The Muslim Council of Britain is the UK’s largest Muslim umbrella body with over
500 affiliated national, regional and local organisations, mosques,
charities and schools.

For further information please contact:
The Muslim Council of Britain
PO Box 57330
London
E1 2WJ

Related posts

අහින්සක නිරූපමායි නඩේෂනුයි විඳින වේදනාවෙන් ගලවා ගන්නැයි ජනපතිගෙන් අයදියි

colombotoday

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

colombotoday

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday