Colombo Today Local News

බැඳුම්කර කොමිසමට විශේෂඥ දැනුමක් තිබුනේ නෑ – රාජිත සේනාරත්න

බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බව සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එහිදී මේ පිළිබඳ දැනුම ඇති විදේශීය විශේෂඥයින්ගේ මතය හෝ කොමිසම විසින් විමසිය යුතුව තිබූ බවද අමාත්‍යවරයා කීවේය.

මෙහිදී මූලිකත්වය දිය යුත්තේ එක් එක් අය ගත් දුරකථන ඇමතුම්, ගෙවල් සම්බන්ධයෙන් සෙවීමට නොව රටට කොපමණ අලාභයක් වූයේද යන්න සොයාගැනීමට බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

‘‘මේ වාර්තාවේ බිලියන 11ක පාඩුවක් වී ඇති බව කියනවා. නමුත් මහ බැංකුව පර්පචුවල් සමාගමෙන් මේ වන විටත් බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙන නිසා නියම අලාභය බිලියන 11ක් නම් අලාභයක් වී නැහැ. බිලියනයක් වැඩිපුරත් රඳවාගෙන‘‘ යැයි ද ඇමැතිවරයා කීය.

Related posts

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

colombotoday

බොරුව ඇත්තකර කියපු සමන්ත විද්‍යාරත්නට ඌව මහඇමති මිරිස් අබරයි

colombotoday