Colombo Today Local News

කොකේන් කිලෝ 729ක් හෙට විනාශ කරයි – අධීක්ෂණයට ජනපතිත් එයි

ආරක්ෂක අංශ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 729ක් හෙට (01) සපුගස්කන්ද පිහිටි රජයේ ගබඩා සංකීර්ණයකදී දිය කර විනාශ කෙරෙන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පවසයි.

මෙරටදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කෙරෙන්නේ දෙවන වතාවටය. ඉකුත් වසරේ ජනවාරි 23 දා කටුනායක වෙළෙඳ කලාපයේදී ප්‍රථම වරට කෙකේන් මත්ද්‍රව්‍ය මෙසේ ප්‍රසිද්ධියේ විනාශ කෙරුණි.

එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයෙන් කාර්මික දැනුම ලබාගෙන අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ රසායනාගාර සහාය ලබාගෙන රස පරීක්ෂක වෙත යොමු කර අන්තර් ජාතික ප්‍රමිතිය යටතේ මෙම මත්ද්‍රව්‍ය දිය කර විනාශ කරනු ලබන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පැවැසීය.

විදේශීය රටවල විෂ මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන්නේ ඉන්ධන දමා පිළිස්සීමෙන් වන අතර ලංකාවේ එසේ සිදුනොකර පරිසරහිතකාමී අයුරින් විනාශ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව හෙට දහවල් 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහේස්ත්‍රාත්වරුන් කීපදෙනෙක් ඉදිරියේදී මෙකී මත්ද්‍රව්‍ය දිය කර පසුව පුත්තලම සිමෙන්ති කම්හල වෙත ගොස් දහනය කෙරේ.

Related posts

වැලිමඩ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් මාසිකව ඩුබායි යැවීම අරඹයි

Admin

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

Admin

මහාසංඝරත්නයේ විරෝධයට ආණ්ඩුව දන නමයි.. ‘රණවිරු දඩයම් පනත‘ තාවකාලිකව අකුලා ගනී !

colombotoday

මාරක ළිදේ පඩිපෙළ කඩා වැටි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන් මරු දකී

Admin

ETI ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබදව ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday