Colombo Today Local News

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කල විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සතියක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා විසින් ඊයේ කතානායකවරයාට දන්වා තිබිණි.

බැදුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කල් ගන්නා අතරතුර එහි අන්තර්ගත කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධීපතිවරයා සමීපයේ සිටින කිහිප දෙනෙකු කරුණු සොයමින් සිටින බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

මීට හේතුවී තිබෙන්නේ බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයේ ඇතුළත් වූ කරුණු කිහිපයක් බැදුම්කර විමර්ශන වාර්තාවේ සදහන් නොවී තිබීම යැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

පිටු එක්දහස් දෙසිය ගණනක් වූ බැදුම්කර කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පිටු තුනකට සංක්ෂිප්ත කළේ කෙසේදැයි පසුගිය දින කිහිපය පුරා දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්විණි. බැඳුම්කර වාර්තාව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අතර දැඩි පරස්පරතාවයක් ඇති බවටද සැක පළකෙරුණු අතර, ජනාධිපතිවරයා විසින් කියවූයේ එක්තරා ප්‍රබල ලේකම්වරයෙකු විසින් අගමුල පටලවා ලියාදුන් ලියවිල්ලක් යැයිද කියවිණි.

Related posts

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

colombotoday

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday

කොළඹ ආරක්ෂාව තර කෙරේ.. ආරක්ෂක අංශ සීරුවෙන්

colombotoday

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන්

colombotoday